කුඩු හා සංවිධානාත්මක අපරාධකරුවන් හැර දීර්ඝ කාලීනව සිරගතවී සිටින සෙසු සිරකරුවන් පිළිබඳව ජනපතිවරයාත් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
“බන්ධනාගාර ගතවී දීර්ඝ කාලයක් සිටින සිරකරුවන් පිළිබඳව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මමත් නීතීඥයෙක් වශයෙන් ජනාධිපතිතුමාට මේ ගැන කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒත් මත්ද්‍රව්‍ය වැරදි හා සංවිධානාත්මකව අමානුෂික අපරාධ සිදුකරන අයගේ දඬුවම් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට යෝජනා කළ නොහැකියි. නමුත් ක්ෂණික කෝපය හෝ අනෙක් විවිධ වැරදි නිසා මරණීය දඬුවම් ලබන හා දීර්ඝ කාලීනව සිර දඬුවම් ලබන සිරකරැවන් පිළිබඳව මම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරනවා.” යැයි නාමල් රාජපක්ෂ මහතා “අද” කළ විමසීමකදී සඳහන් කළේය.