දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන නරඹන්නන්ට, නුසුදුසු ආහාර, කල්ඉකුත් වූ ආහාර හා ප්‍රමිතියෙන් තොර වතුර බෝතල් අලෙවි කළ වෙළෙඳුන් 10 දෙනෙකුට එරෙහිව රුපියල් 90,000 ක දඩ නියම කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26 දා) කටයුතු කළේය.
දැයට කිරුළ භූමියේ පිහිටුවා ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙහෙයුම් කාර්යාලය මගින් පසුගිය දින කිහිපය තුළ සිදුකරනු ලැබූ වැටලීම්වලින් රුපියල් 150,000 ක පමණ පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමටද කටයුතු කොට තිබේ.
පන්නල - හේමලතා