දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 6000කට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා තිබෙන බවත්, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව පිණිස මාර්ග 05ක් විවෘත කර තිබෙන බවත් පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
රාජකාරියට යොදවා සිටින පොලිස් නිලධාරීන්ගෙන් දහසකට අධික ප්‍රමාණයක් සිවිල් ඇඳුමෙන් සැරසී රාජකාරී කටයුතු කරන බවත්, 2000කට ආසන්න පිරිසක් රථ වාහන රාජකාරියේත්, 433 දෙනෙකු දරුණු අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහාත් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.