අතිපූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික ශ්‍රී දලදා මාලිගාවට මීටර් 500 ක් ආසන්නයේ මත්පැන් අලෙවි සැල් 28 ක් පවතින බව ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
කෙසේ නමුදු මේ සියල්ල 2005 වසරේ දෙසැම්බර් 31 ට ප්‍රථම බලපත්‍ර නිකත් කළ ඒවා බව එහිදී අනාවරණය විය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මුදල් අමාත්‍යාංශය මෙකී තොරතුරු හෙළිකළේය.
මින් 24 ක්ම ආපන ශාලා, ක්‍රීඩාසමාජ හා හොටෙල් ලෙස පවත්වාගෙන යයි. එසේම මින් 27 ක්ම වසර 10 කට වඩා පැරණි ඒවා බව එහිදී අනාවරණය විය.