ඉකුත් වසරේ කැකිරාව ප්‍රදේශයේ වාහන පෙළකට පහරදුන් ගල්ගමුවේ දළ පූට්ටුවා නමින් ප්‍රසිද්ධ වී සිටින ඇතාගේ පිටුපස වම් පාදයට වෙඩි වැදී තුවාල වී ඇතැයි ගල්ගමුව වනජීවී නිලධාරීහු පවසති.
අද (06 දා) ගල්ගමුව, බුල්නෑව, කරපිංචායාය වැව, අසල හේන් යායක සිටියදී මෙම ඇතා සොයාගත් බවත්, ඒ වනවිටත් ඔහු අසීරුතාවෙන් ගමන් ගත් බව ගල්ගමුව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක අයි.එම්.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
හැකි ඉක්මනින් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් හෙට (07දා) ඇතාට ප්‍රතිකාර කිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
ගල්ගමුව සංජීව රත්නායක