කොළඹ ජාතික රෝහලේදී ඊයේ (22දා) අභාවප්‍රාප්ත වූ එ.ජා.ප. හිටපු ඇමතිවරයකු වන දයානන්ද වික්‍රමසිංහ (69) මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24 දා) සිදුකිරීමට නියමිතය.
1970 වසරේ සිට 1994 දක්වා මාතර හිටපු දිසා ඇමතිවරයකු, කම්කරු නියෝජ්‍ය ඇමති හා මිනිස් සම්පත් ඒකරාශී කිරීමේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා දැනට වසර කිහිපයකට පෙර වකුගඩු රෝගයට ගොදුරු විය.
ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ ඥාති පුත්‍රයා වූ දයානන්ද වික්‍රමසිංහ මහතා එජාප මාතර දිස්ත්‍රික්කයේ හිටපු සංවිධායක වරයාද වේ.
අවසන් කටයුතු හෙට (24 දා) සවස 3.00 ට මාතර ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.