අම්පාර දිස්ත්රික්කයේ දමන පොලිස් බල ප්රදේශයේ තිඹිරිගොල්ල වයි.එස්.එස්. ප්රදේශයේ හේනක තිබියදී කාන්තාවකගේ හා පිරිමියෙකුගේ මළ සිරුරු දෙකක් අද (30 දා) සවස හමුවී තිබේ.
කාන්තාවගේ මළ සිරුර කැපුම් තුවාල සහිත අතර, පිරිමි මළ සිරුර අසල ගසක එල්ලී තිබියදී සොයාගෙන ඇත. මියගිය කාන්තාවගේ සැමියා මළ සිරුර දැක ඇති අතර, පසුව ඔහු පොලීසියට මේ පිළිබඳව දැනුම් දී ඇත.
මියගිය පුද්ගලයා, මියගිය කාන්තාවට අයත් හේනේ සේවය කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දමන පොලීසිය සිදුකරයි.