දකුණුදිග පාකිස්තානය පුරා භූමිකම්පා වැලක් ඇතිවී තිබෙන බවත්, මින් එක් පුදගලෙයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
සින්ධා පළාතේ, නවාබ්ෂාහ් නගරයට ඊසානදිගින් කිලෝ මීටර් 27ක් දුරින් හා කිලෝ මීටර් 10ක් ගැඹුරින් මෙහි ප්රබලතම භූකම්පනයේ අපිකේන්ද්‍රය හටගෙන ඇති අතර, එය රික්ටර් මාපාංක 5.0ක භූකම්පනයක් බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.
මෙම ප්‍රබල භූකම්පනයේ බලපෑම නවාබ්ෂාහ් නගරයට මෙන්ම ඊට යාබද, සක්රාන්ද්, ඩවුර, ඩවුලට් පර් සහ බන්ධි නගර වෙතද ප්‍රබල ලෙස දැනී ඇති බව කියැවෙයි.
මෙම කලාපය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, පාසල් හා කාර්යාල වසා දමා ඇති බවත් වාර්තා වෙයි.