දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සෘජු හා වක්‍ර සහයක් ලැබෙන අයුරින් කටයුතු කරන බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් පසුව එහි ආණ්ඩුකාර ධුරය දරන පුද්ගලයාට මැතිවරණ කටයුතුවල නිරතවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, ආණ්ඩුකාර ධුරය දරණ යම් පුද්ගලයෙකුට මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීමේ දැඩි අවශ්‍යතාවයක් ඇත්නම් සිය ධුරයෙන් ඉවත්වී එම කටයුත්තේ නිරත විය යුතු බවත් කැෆේ සංවිධානය දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
එක්තරා රාජ්‍ය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආණ්ඩුකාරවරිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත ප්‍රකාශ නිකුත් කර ඇති බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.