කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන ස්ථාවරය අනාගතයේදී වෙනස් කරගනු ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. කොරියානු ජනරජයේ හිටපු විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍ය යු ම්යැංශ් හ්වැන් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා අද (21දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
පසුගිය මාසයේදී මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලිය ශී‍්‍ර ලංකාවට පිළිගත නොහැකිවීමට හේතු අමාත්‍ය පීරිස් මහතා සවිස්තරව හ්වැන් මහතාට පැහැදිලි කළේය.
ශී‍්‍ර ලංකාවේ පවත්නා සත්‍ය තත්ත්වය පිළිබඳව කොරියාවට ඇති අවබෝධය හා රටේ අභ්‍යන්තර කටයුතුවලට යෝජනාවලිය මගින් සිදුවන බලපෑම පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොරියානු ජනරජය මේ සම්බන්ධයෙන් දරන සිය ස්ථාවරය,අනාගතයේදී වෙනස් කරගනු ඇති බවද අමාත්යවරයාවැඩිදුරටත් කොරියානු හිටපු අමාත්‍යවරයාට පැවසීය.