වඩාත් හොඳම තෝරාගැනීම සිදුකිරීමේ අස්ථාවකට ඇමෙරිකාව එළැඹ සිටින බව නොවැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසා සිටියාය.
හිලරි මෙසේ අදහස් දක්වා සිටියේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකත්වය නිල වශයෙන් තෝරාපත් කර ගැනෙන පක්ෂ සම්මේලනයේ අවසන් රාත්රියේදී ජනතාව අමතමිනි.
මෙවර මැතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් නිල වශයෙන් තේරීපත් හිලරි, සිය දේශනයේදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පහර පිට පහර එල්ල කරනු ලැබුවේ ඔහු රුසියානු හිතවාදියෙකු බවද හඟවමිනි.
"බලවත් කණ්ඩායම් අපව බෙදා වෙන් කිරීමට අර අඳිනවා" යනුවෙන් ඇය කියා සිටියාය.
"ඔහුට අවශ්‍ය අපව බෙදා වෙන්කරන්නයි. ලෝකයම බෙදා වෙන්කරන්නයි. අප එකිනෙකා බෙදා වෙන්කරන්නයි."
කෙසේ වෙතත්, ඇගේ එම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 'ඉස්ලාම් අන්තවාදී තර්ජනය ගැන එකදු ප්‍රතිචාරයක් ඇගේ සමස්ත කතාව තුළම නොවූ බවයි. එවැනි තත්ත්වයක් තුළ හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලෙකම්වරිය රට ඉදිරියට මෙහෙයවීමට තරම් ශක්තිවන්ත තැනැත්තියක නොවන බව'ද ට්‍රම්ප් කියා සිටියේය.
මේ අතර, රිපබ්ලිකන් පක්ෂ සම්මේනයේදී ට්‍රම්ප්ගේ දූ පුතුන් පක්ෂ සම්මේලනය ඇමතූ ආකාරයෙන්ම, හිලරිගේ දියණිය චෙල්සී සිය මවගේ පෞද්ගලික තොරතුරු පක්ෂ සම්මේලනයේදී කතා කරන්නට විය.
"මගේ අපූර්ව, ඥාණවන්ත, මහත් වූ සන්තෝෂයකින් පසුවන අම්මා සෑම මොහොතකම මා සමීපයේ සිටිනවා" යැයි ඇය පවසා සිටියාය.