කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් තලවිල ශාන්ත ආනා දේවස්ථානය අසළ ධීවර තොටුපළේ අද (25දා) මධ්‍යහ්නයේ ඇති වූ හදිසි ගින්නකින් ධීවර වාඩි 19 ක් මුළුමනින්ම දැවී විනාශ වී තිබේ.
මෙම වාඩි තුළ වූ එන්ජින් අටක්, විදුලි උත්පාදක යන්ත්‍ර 20 ක්, දැල් පන්න, පන්නා පෙට්ටි ආදි සියල්ලම ගින්නෙන් දැවී ගොස් තිබේ. මෙම විනාශ වූ දේපළවළ දළ වටිනාකම රුපියල් ලක්ෂ 100 ඉක්මවන බව ධීවරයෝ පවසති.
කල්පිටිය කුමරි කොට්ටහච්චි