හෝටල්, ආපන ශාලා, තේ පැන් ශාලාවල තේ පැන් අලෙවි කිරීමේදී එයට සීනි එක් නොකළ යුතු බවට හා අවශ්‍ය පමණට සීනි යොදාගැනීම සඳහා වෙනම සීනි බඳුනක් තැබීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටී.
හෙටට (14දා) යෙදී ඇති ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් මෙම නීතිරිතී ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත අවම සීනි භාවිතයෙන් නීරෝගී දිවියක් යනුවෙන් චක්‍ර‘ලේඛයක් මේ වනවිට නිකුත් කර තිබේ.'
අවශ්‍ය පරිදි යොදාගැනීම සදහා ඉදිරිපත් කරන සීනි බඳුනේ සීනි අඩුවෙන් පරිභෝජනය කර දියවැඩියා රෝගයෙන් වැළකෙමු යනුවෙන් ස්ටිකරයක් ඇලවීමටද අදාළ චක්රලේඛයෙන් නියෝගයක් නිකුත් වී තිබේ.
මේ අනුව හෙට සිට සියලුම රාජ්‍ය ආයතනවල වැඩමුළු, රැස්වීම් සහ උත්සව පවත්වන විට සංග්‍රහ සඳහා තේ, කෝපි, කිරි තේ, පිළිගන්වන විට ඒවා සීනි රහිතව සකස් කිරීමට වග බලාගත යුතු වෙයි. මෙයට සමගාමීව පාසල් ආපන ශාලා තුළ ලුනු අධික, සීනි අධික, තෙල් අධික ආහාරවර්ග විකිණීම අවම කිරීමටද නියමිතය.