ඉන්දියාවේ දකුණුදිග ප්‍රාන්තයක් වූ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දෙකට බෙදා වෙන්කරමින් තෙලන්ගානා නමින් නව ප්‍රාන්තයක් බිහි කිරීම නිල වශයෙන් සිදුවූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මෙම කලාපය බොහෝ කාලයක සිට නොසලකා හැර තිබූ බවට පවතින චෝදනා හමුවේ එම ජනතාව විසින් දිගින් දිගටම සිදුකළ උද්ඝෝෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙසේ නව ප්‍රාන්තයක් ඇති කෙරිණි.
ඒ අනුව, ඊයේ (01දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස තෙලන්ගානා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.
මිලියන 35ක ජනතාව සහ අන්ද්‍රා ප්‍රදේශ් හි දිස්ත්‍රික්ක 10ක් සමග බෙදීවෙන් වන තෙලන්ගානා ප්‍රාන්තයට හයිද්‍රාබාද් නගරයත් ඇතුළත් වෙයි.