තුර්කියේ ප්රජාතන්ත්රවාදීව තෝරාගත් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කුමන්ත්රණයක් දියත් වූ බවත්, එය තුර්කි ජනතාව විසින් සමගියෙන් හා සහෝදරත්වයෙන් පරාජය කළ බවත් ශ්රී ලංකාවේ පිහිටි තුර්කි තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, මේ වනවිට තුර්කියේ බලය වත්මන් ජනපති හා අගමැතිවරයා යටතේ පවතින බවද එම නිවේදනයේ දැක්වෙයි. එහිදී, මෙම කුමන්ත්රණය සඳහා තුර්කියේ සමස්ත සන්නද්ධ හමුදා සම්බන්ධ වී නොමැති බවත්, එය හමුදා සාමාජිකයන් කණ්ඩායමක්ද ඇතුළත් කල්ලියක කුමන්ත්රණයක් බවත් එහි පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, එහිදී, මෙම කල්ලියට තුර්කි ජනයා විසින් හොඳින් ප්රතිචාර දක්වා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.