හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමට තුන්නාන ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාව බලපෑමක් ඇතිකර නොමැති බව සනාථ වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.
මෙම කර්මාන්ත ශාලාව 2001 වසරේ සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන අතර, අපද්‍රව්‍ය විධිමත් පරිදි පරිසරයට මුදාහැරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව සහිතව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.