මාණ්ඩලික ශ්‍රේණියට අදාළ නිලධාරීන්ට ලබාදීමට තීරණය කළ තීරුබදු රහිත වාහන බලපත්‍රය විදුහල්පතිවරුන්ට අහිමි කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි.විදුහල්පති සේවයේ නිරත නිලධාරීන්ට 2000 වසර දක්වා තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදුන්නද මාණ්ඩලික තත්ත්වයත් ගැන පවසමින් එය අහිමි කළ බවත්, මේ නිසා තම සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් එම සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ලට අනුව ආයතන අධ්යක්ෂවරයා විසින් විදුහල්පති සේවය මාණ්ඩලික ශ්‍රේණියට අයත් බව ලිඛිතව දන්වා ඇතැයිද ඔහු පවසා සිටියේය.විදුහල්පතිවරුන් මාණ්ඩලික සේවයට අයත් බවට ආයතන අධ්යක්ෂවරයා තහවුරු කර තිබියදී රජයේ නිලධාරීන්ට තිරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට නිකුත් කළ චක්‍ර‘ලේඛය තුළින් වාහන බලපත්‍ර හිමිකම විදුහල්පතිවරුන්ට අහිමි කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා දැනට විදුහල්පති සේවාවේ ස්ථිර තනතුරේ සේවය කරන විදුහල්පතිවරුන් දසදහසකට අධික පිරිසකට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.