බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම හෙට (13දා) හා අනිද්දා (14දා) පැවැත්වෙයි.
තැපැල් ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 112,321 දෙනෙකු සුදුසුකම ලබා සිටිති. පළාත් සභා ඡන්දයට තැපැල් ඡන්ද අයදුම්පත් 133,919 ක් ලැබී තිබුණ අතර, එයින් අයදුම්පත් 21,598 ක් ප්රතික්ෂේප වූ බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම දින දෙක තුළදී ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන අයට එළඹෙන 20 වැනිදා නැවතත් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබේ.