බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද ලබාදීමට සුදුසුකම් ලැබූවන් පෙබරවාරි මස 10 වැනිදාට පෙර සිය අයදුම්පත් යොමුකරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටියි.
මෙම පළාත් දෙක තුළ ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි වී වෙනත් ප්රදේශවල සේවයේ නියුතු රාජ්ය නිලධාරීන්ට තැපැල් ඡන්ද පහසුකම හිමි නොවන බවත්, ඔවුන්ට 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව ඡන්දය ප්රකාශ කිරීමට නිවාඩු ලබාගත හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
මේ නිසා ඡන්ද විමසීමේදී මෙම පළාත් දෙක තුළ ඡන්ද රාජකාරියේ යෙදවීමට නියමිත රාජ්ය නිලධාරීන්ට පමණක් තැපැල් ඡන්ද හිමිකම හිමිවන බවද ඔහු පවසා සිටියේය.
තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලබා ඇති නිලධාරීන්ගේ පහසුව පිණිස ඡන්ද හිමි නාමලේඛනය, දිස්ත්රික් මැතිවරණ කාර්යාලය තුළ සහ ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්රාම නිලධාරී කාර්යාලය තුළ ප්රදර්ශනයට තබා තිබෙන බවත්, මීට අමතරව මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත සම්පූර්ණ කර 0112 868 426 යන ෆැක්ස් අංකයට එවීමෙන් මෙම තොරතුරු ලබාගත හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මීට අමතරව [email protected] ඊමේල් ලිපිනයට සිය අයදුම්පත එවීමෙන්ද තොරතුරු ලබාගත හැකි බව ඒ මහතා පවසා සිටියේය.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස පෙබරවාරි මස 10 වැනිදා නම් කර තිබෙන බවත්, මේ දිනෙන් පසු කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බවත් පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා මෙම දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.