ආනයන අපනයන බලපත්‍ර නොමැතිව රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට රැගෙන ආ ඉතා දුර්ලභ ඝනයේ කුරුල්ලන්, සාවුන්, කටුස්සන් ඇතුළු සතුන් 26 දෙනෙකු සමග ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (28දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය මීගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි, සුනඛයන් අලෙවි කරන ව්‍යාපාරික කාන්තාවක් බව රේගුව කියයි. ඇය මේ මාසයේ පමණක් හතර වතාවක් තායිලන්තයට යාම්ඊම් කර ඇති බව රේගුව කියයි.
පරවියන් 10 ක්, හාවුන් 6 ක්, දුර්ලභ ඝනයේ කටුස්සන් 01 ක්, ලව් බර්ඩ්ස් කුරුල්ලන් 02 සහ හඳුනානොගත් කුරුල්ලන් 07 දෙනෙකු ප්ලාස්ටික් කූඩුවල සහ එස්ලෝන් බට තුළ දමා තම ගමන් මල්ලේ ඇති ඇඳුම් තුළට මෙම කුඩු රිංගවා මෙරටට ගෙනවිත් ඇත.
රේගුව පවසන්නේ ඉතා හිංසාකාරී වන අයුරින් සැකකාරිය විසින් මෙම සතුන් මෙරටට රැගෙන විත් ඇති බවයි.