තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ පිපිරීම්වලට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
හුවා හින් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය දෙක ඇතුළුව තායිලන්තය පුරා සිදුවූ පිපිරීම් 10කින් පමණ එරට සංචාරක කර්මාන්තය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත.
පැය 24ක කාලයක් තුළ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එරට සංචාරකයන් අතර වඩාත් පචලික ෆුකෙට් දිස්ත්‍රික්කයද තස්තයන්ගේ ඉලක්කයක් වී තිබුණි.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින්වත් භාර නොගත්තද මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව එය ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර බවට ඉඟි පළ වී තිබේ.
විශේෂයෙන්ම තායිලන්ත රැජිනගේ උපන්දිනය යෙදී තිබූ සිකුරාදා දිනයද මෙම ප්‍රහාරයේ ඉලක්කයක් වී තිබූ අතර, මින් විදේශිකයන් දස දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. ඒ අතර, ජර්මානු, ඉතාලි, ඔස්ට්‍රියානු හා නෙදර්ලන්ත ජාතිකයන්ද විය.
මෙම ප්‍රහාර මාලාව දෙස බැලීමේදී සෘජුවම සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානය එහි ඉලක්කය වී ඇති බව එරට බුද්ධි අංශ පවසයි.