ත්‍රි රෝද රථ සදහා අාර්ක්ෂක විධිවිධාන සකස්කරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලයට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ත්‍රි රෝද රථ සඳහා ආසන පටි සවි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
එසේම ත්‍රි රොද සඳහා ආරක්ෂිත පටි පැළදවීම අනිවාර්යය කරමින් පනතක් ගෙන එමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා. නවීනතම ආරක්ෂක විධිවිදාන වලින් යුත් ත්‍රි රෝද රථයක් එළිදැක්විමේ අවස්ථාවට බත්තරමුල්ලේදි එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඕනෑම අවස්ථාවක මාර්ගයන්හි ත්‍රි රෝද රථ ලක්ෂ 15ක් පමණ ගණන් ගන්නා බවත් ඒවා ධාවනය කරන්නේ තාක්ෂණික හා කාර්මික ගැටලු සහිතව බවත් ඔහු පෙන්වා දුන්නේය.