ත්‍රස්තවාදයෙන් අවතැන් වූ උතුරු පළාතේ පවුල් 1218කට වන්දි වශයෙන් රු.මිලියන 115ක් ප්රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (12දා) පෙරවරුවේදී කිලිනොච්චිය නෙළුම් පියස සම්මන්ත්රණ ශාලවේදී සිදු කෙරිණි.
උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවුණු බව පැවසෙයි.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් පවුල් 25ක් සඳහා වන්දි ප්රදානය සිදු කෙරුණු අතර, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රසිරි ගජධීර, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.