ඉන්දියානු ව්‍යාජ මුදල් ත්රස්තවාදීන්ට ලබා දීමේ චෝදනා මත ශ්‍රී ලංකා දමිල ජාතිකයෙක් හා ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබේ.
පාකිස්තානයේ ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට සැකකරමින් අඟහරුවාදා රාත්රියේදී අත්අඩංගුවට පත්වූ සකීර් හුසේන් නැමැති සැකකරුට ව්‍යාජ ඉන්දියානු මුදල් ලබා දීම අත්අඩංගුවට ගත් ඉහත සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා වෙයි.
සිවබාලන් නැමැති 45 හැවැරිදි ශ්‍රී ලංකා ජාතිකයෙක් හා ඉන්දියානු ජාතික 39 හැවැරිදි මොහොමඩ් සලීම් නැමැති පුද්ගලයෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.