තමන්ට ලැබුණු ඉඩමට අදාල ඔප්පු දීර්ඝ කාලයක් නොලැබීම නිසා පීඩාවට පත්ව සිටි මහවැලි ගොවි ජනතාවට ඔප්පු ලබාදීමේ වැඩසටහන දැන් කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ (ඉඩම්) සරත් කුමාර මහතා පවසයි.
ඒ අනුව, මේ වනවිට පසුගිය වසර කිහිපය තුළදී මහවැලි ඉඩම් ඔප්පු 145,000ක් පමණ ගොවි ජනතාවට ලබාදී ඇතිබව මහවැලි අධිකාරිය පවසයි.
මෙම වැඩපිළිවෙල යටතේ තවත් මහවැලි ඔප්පු 30,000ක් පමණ මහවැලි ජනපදිකයින්ට ලබාදීමට ඇති බවත්, මෙම වසර නිමවීමට පෙර මහවැලි කලාප තුළ ඉඩම් හිමිකම් නොමැති සියලුම ජනපදිකයින්ට ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බවත් මහවැලි අධිකාරිය පවසයි.
එම ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල යටතේ වලව මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු 3,000ක් පමණ ගොවි ජනතාවට ප්රදානය කිරීම අප්‍රේල් 28 වැනිදා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.