එළැඹෙන මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරුණ සමුළුවට රටවල් 103 කින් පැමිණීම සනාථ කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම පිරිස් අතර අමාත්‍යවරුන් 40 කට ආසන්න පිරිසක්, උසස් රාජ්‍ය නිලධාරීන්, රටවල් 103 ක ජාතික තරුණ සංගම් නියෝජිතයන් සහ වෙනත් සිවිල් සමාජ නියෝජනය කරන තරුණ නියෝජිතයන් 350 ක් පමණ පිරිසක් සිටින බවද සඳහන් වේ.
තවද එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති ජෝන් විලියම් ඈෂ්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු සඳහා වන විශේෂ නියෝජිත අහමඩ් අල් හෙන්දාවි යන අයද ඊට එක් වනු ඇත.