මැයි මසදී ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලෝක තරුණ සමුළුව ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාවෙන් ජපානය බලාපිටත්ව ගිය ශ්රී ලංකා තරුණ කණ්ඩායම ශ්රී ලංකාවේ ජපාන තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පිළිගනු ලැබීය. මෙම කණ්ඩායම දින 40 ක් පුරාවට රටවල් 18 ක සංචාරය කරමින් සිටියි.
මීට සමගාමීව ලෝක තරුණ සමුළුව පිළිබඳව ප්රවර්ධන සමුළුවක්ද ජපාන තානාපති කාර්යාලයේදී පවත්වනු ලැබීය.