මාර්ගයේ ගමන්ගන්නා ජනතාවට අවහිර වන පරිද්දෙන් හා අනතුරුදායක පරිද්දෙන් මහියංගණනගරයේ ප්රධාන මාර්ගයක අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි පැදවීම, වාහනයේ නිර්මාණය වෙනස් කර ධාවනය කිරීම යන චෝදනා යටතේ මහියංගණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාසැල් වයසේ පසුවන තරුණයන් දෙදෙනෙකුට මහියංගණ මහේස්ත්රාත් තිෂානි තේනබදු මහත්මිය රුපියල් 64,000 ක හා 53,000 ක දඩ මුදල් නියම කළාය.
මහියංගණ ලංගම ඩිපෝව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදිවල නැගී තනිරෝදයෙන් ගමන් කරමින් විවිධ ක්රියාකාරකම්වල නියැළුණු තරුණයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමැතුම් අංක 119 වෙත ප්රදේශවාසියෙකුකළ දැනුම්දීමකට අනුව මහියංගණ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ තරුණයන් දෙදෙනා යතුරුපැදි දෙකද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් තරුණයෙකුටරියදුරු බලපත්රයද නොමැති අතර, යතුරුපැදියේ රක්ෂණ සහතිකය හා ලියාපදිංචි සහතිකයද නොතිබිණි.
මෝටර රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂකවරයෙකු විසින් යතුරුපැදි දෙක ධාවනයට නුසුදුසු බවට සහතික කරන ලද අතර,ඒවාසකස් කර, යළි රථවාහන පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
එන්.කේ. නිශ්ශංක