දිවයිනේ නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශ වලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වලත් විටින් විට හමන (පැ.කී.මි. 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි අතර කෙසේවෙතත්, මෙමෙ තත්වය අද දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත්කරමින් පවසාඇත.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත්කරමින් පවසාඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් නිවේදනයේ සඳහන්ය.