තණමල්විල, හම්බේගමුව උණකන්ද කැළෑ ප්‍රදේශයේ මහා පරිමානයෙන් හොර රහසේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා එහි අයිතිකරු ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේ පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම ගංජා හේනේ හිටුවා තිබූ සරුවට වැඩුනු ගංජා පැළ 8100 ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඒ සමගම තවාන් කිරීම සදහා ගෙනආ 1Kg පමණ ගංජා ඇට උරයක් හමුවී ඇති අතර අත්අඩංගුවට ගත් ගංජා තොගය 200Kg ඉක්මවන බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවත් පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 32 හැවරිදි ඇඹිලිපිටියේ පදිංචිකරුවෙකි.ඔහු වැඩිදුර ප්‍රශ්ණ කිරීම සදහා තණමල්විල හම්බේගමුව පොලීසියට භාරදී ඇති අතර, සිද්ධිය පිළිබදව වඩිදුර පරීක්ෂණ පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සිදුකරයි.