තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය වරෙන්තු නියම කළාය.
තංගල්ල ප්‍රා. සභා සභාපතිවරයාට මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ 2012 වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර, ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම පිළිබඳ නඩුවට පෙනී නොසිටීම නිසාය.