ජාතික උද්භිද උද්‍යානයේ ශාඛාවක් යාපනය ඩෙල්ෆ්ට් දූපත තුළ පිහිටුවීමට කටයුතු කරන අතර, එහි පළමු අදියර ලබන වසරේ ජනවාරි මස වනවිට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා %අද^ට පැවසීය.
මේ යටතේ වනජීවී උතුරු සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා සංචාරක ප්‍රවර්ධනය සිදුකිරීම අරමුණ බවත් අමාත්‍යවරයා කීය.
උතුරු පළාතේ පිහිටා ඇති මුන්නිකුලම් සහ සරසාලේ යන පාරිසරික අතින් ඉතා වැදගත් ස්ථාන දෙක සහ ඩෙල්ෆ්ට් දූපත මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
වනජීවී උතුරු සංවර්ධන වැඩපිළිවෙළේ පළමු අදියර ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා වනවිට අවසන් කිරීමට නියමිත බවද ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.