දේශගුණික විපර්යාස හා ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවීම නිසා තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් අද (13දා) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අනිද්දා (15දා) දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (12දා) විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී පැවසීය.
ඩෙංගු මර්දන වැඩසටහනට අමතරව දුමායනය කිරීම, රෝගීන්ගේ සත්කාරක සේවා වැඩි කිරීම, රසායනාගාර සේවා දියුණු කිරීම, දැඩි සත්කාර හා අධිසත්කාර ඒකක පිහිටුවීම තුළින් ඩෙංගු රෝගය මර්දනය කිරීමට දීර්ඝකාලීන සැලසුමක් ඉදිරිපත් කර ඇතැයි මහීපාල මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අදින් ඇරඹෙන තෙදින ඩෙංගු මර්දන වැඩසටහන යටතේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක් ආවරණය වන පරිදි කණ්ඩායම් 750 ක් ඊට සහභාගි වන අතර, එහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍ර‘ධානත්වයෙන් මරදාන දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
මෙහිදී පාසල් පවිත්‍ර කිරීමට හා ඉදිකිරීම් කලාප පරීක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමුකර තිබේ.