ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තුන්වැනි එක්දින තරගය සඳහා ළහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ ඩිල්ෂාන් දෙවැනි එක්දින තරගයේදී ආබාධයට ලක්වීම හේතුවෙනි.
එමෙන්ම ඩිල්ෂාන්ගේ ආබාධය හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන එක්දින තරගාවලියද අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් දක්වා ඇත.