ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වීමටද, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටද ඉදිරියේදී ඉඩ ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද(08දා) පැවසීය.
සාධාරණ හේතුවක් නොමැතිව පක්ෂ නායකත්වය විවේචනය කරන ඕනෑම අයෙකු පිළිබඳව තිරණ ගැනීමේදී ඔහුගේ ජනප්‍රියත්වය,වැඩිම මනාප ලබා තිබීම ආදිය නොසලකන බවද මහඇමතිවරයා ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තවත් කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එකතුවීමට සාකච්ඡා කරගෙන යන බවත්,එම සාකචඡා සාර්ථක මට්ටමක තිබෙන බවත්ය.
පසුගියදා පක්ෂයේ ලිපි ගිනි තැබූ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දෙදෙනෙකුද සම්මුඛ පරීක්ෂණ සඳහා පක්ෂ මුලස්ථානයට පැමිණ තිබූ බව ඔහු කීය.