දෙමළ ජාතික සන්ධානය අනිවාර්යයෙන්ම තහනම් සංවිධානයක් විය යුතු බව බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
සන්නද්ධ ව්‍යාපාරයක් පරාජය කිරීමෙන් පසුව එහි දේශපාලන අංශය තහනම් නොකළ ලොව එකම රට ශ්‍රී ලංකාව බවත්, ඒ නිසාම කොටි සංවිධානයේ ප්‍රබල නායකයන්ගේ බිරින්දෑවරුන් මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන අවාසිදායක වාතාවරණයක් ඇති වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (10දා) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව පැවසීය.