එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීත අවසරයකින් තොරව ගායනා කිරීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගෙන් අයකර දෙන්නැයි ඉල්ලා එච්.ආර්. ජෝතිපාල මහතාගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා කොළඹ වානිජ්‍ය මහාධිකරණයේ නඩු පවරා ඇත.
මෙම නඩුව ලබන වසරේ ජනවාරී 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ වානිජ මහාධිකරණය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ‘මේරියන්ස්’ නායක නලීන් පෙරේරාට නොතිසි නිකුත් කළේය.
එච්.ආර්. ජෝතිපාල මහතාගේ බිරිඳ වන පෙත්සම්කාර බ්ලොසම් ජෝතිපාල මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති අතර තමන්ගේ සැමියා වන එච්.ආර්. ජෝතිපාල මහතා මෙරට සුවිශේෂි ගායකයෙකු වු බවත් ඔහු ගීත දසදහසකට වඩා ගායනා කොට ඇති බවත් එම පෙත්සමේ සඳහන් කොට ඇත.
එච්.ආර්. ජෝතිපාල මහතා තමන්ගේම ගීත වලින් සංගීත ඇල්බම් සීයයකට වඩා නිකුත් කොට ඇති බවද සඳහන් කරන පෙත්සම්කාර බ්ලොසම් ජෝතිපාල මහත්මිය වගඋත්තරකරුගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලයේ පැවැත ; zkings of 70's unplugZ සංගීත ප්රසංගයේදී වගඋත්තරකරු එච්.ආර්. ජෝතිපාල මහතා 70 දෂකයේදී ගායනා කළ ගීත කිහිපයක්ම ගායනා කොට ඇති බවත් ඒ සඳහා ඔහු තමන්ගේ කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් සඳහන් කොට ඇත.
එච්.ආර්. ජෝතිපාල මහතා ගායනා කළ ගීත කිසිදු අවසරයක් නොමැතිව ගායනා කිරීම බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් බව පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙමඟින් වගඋත්තරකරු අයුතු ලෙස මුදල් උපයා ඇති බවද සඳහන් කොට ඇත.