ජිනිවා මානව හිමිකම් යෝජනාවන්ට පක්ෂව හා ත්රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් විජයකුමාර් ජෙයකුමාරි නමැත්තිය හා ඇයගේ වයස අවුරුදු 13 ක දියණිය නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (15 දා) වවුනියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.
විරෝධතාවය අතරතුරදි අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ද සිය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ ජායාරූප පෙන්වමින් විරෝධතාවයේ නිරතවිණි.