දිවයින පුරා, විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ නැගෙනහිර පළාතේ වැසි සහිත කාලගුණ තත්ත්වය 2016 ජූලි 18 වැනිදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.