ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන හා පුද්ගලයින් තහනම් කීරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (24දා) විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
මෙහිදී ත්‍රස්තවාදී කටයුතු සිදුකිරීම සඳහා මුදල් එක්රැස් කරන බවට තොරතුරු මෙන්ම ඒ හා සම්බන්ධ ලියකිවිලි, අවිආයුධ සොයා ගැනීමට හැකිවූ බවත් විදේශ අමාත්‍යවරයා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දන්වා තිබේ.
ඒසේම ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම හරහා ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියාවටම ප්රතිලාභ අත්වූ බවත් හෙතෙම සඳහන් කළේය.
ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව පූර්ව ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දැනුම්දුන් ඇමතිවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහි අඛණ්ඩ සහයෝගය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.