එළඹෙන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නොසැළී පෙනී සිටින බව චීනය අවධාරණය කරයි. අප සහෝදර පුවත්පතක් වන 'ඩේලි මිරර්' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී චීන තානාපති වූ ජියැන්හෝ මහතා මේ බව ප්‍රකාශ කළේය.
යුද්ධය අවසන් වූ පසු ලක්රජය හා එහි ජනතාව ලබා ඇති ප්‍රගතිය චීනය පිළිගන්නා බවත්, සෙසු ගැටලු විසඳීමට ශ්‍රී ලංකාවට කාලය හා ඉඩ ලබාදිය යුතු බවත් ඔහු කීය. ශ්‍රී ලංකාව හා චීනය දිගුකාලීන මිතුරන් බවත්, අවශ්‍ය මොහොතේ සිටින මිතුරා සැබෑ මිතුරෙකු බවත් ඔහු පැවසීය.
එසේම දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු දිගටම කෙරීගෙන යන බවත්, එය අවසන් වූ වහාම ගිවිසුම අත්සන් කරන බවත් ඔහු පැවසීය. මෙය දෙරටේ වෙළෙඳාම වර්ධනයට ඉතා පිටුවහලක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.