එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළ දෙමළ ප්රජාතන්ත්රවාදී නායකයන් වෙනුවෙන් හැකි නම් යාපනයේදී ස්මාරකයක් ඉදිකරන ලෙසට උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරම් මහතාට අභියෝගයක් කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
වෙල්ලමුල්ලිවෛයික්කාල්හිදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් ස්මාරකයක් ඉදිකළ යුතු බවට උතුරු පළාත් සභාවේ යෝජනා කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් ඉහත අභියෝගය කර තිබේ.