ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිණිස ජනාධිපතිවරයා දුන් අනුමැතිය ජාතික සංහිඳියාවට ඉවහල් වනු ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්මහතා "අද"ට පැවසීය. ජනාධිපතිවරයා ලබාදුන් අනුමැතිය බලහත්කාරයසම්බන්ධයෙන් ජනතාව අතර පවතින මතය ඉවත්වීමට හේතුවක් වනු ඇති බවත්, දෙමළ භාෂාවෙන් සන්නිවේදනයකරන ශිෂ්‍යයන්ට එය වඩා හොඳින් වැටහීමට පිටුවහලක් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සාමිනාදන් විමල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම 'වැළැක්විය යුතු නැතැයි' ජනාධිපතිවරයා ලබාදුන් අනුමැතියෙන් පෙන්නුම් කරනවා. මේ පියවර 'බලහත්කාරය' යනුවෙන් ජනතාව අතර පවතින මතය ඉවත්වීමට හේතුවක් වෙනවා.
මේක බොහෝ දුරට ජනතාව අතර ජාතික සංහිඳියාව ඉහළ යාමට හේතුවක්ද වියහැකියි. මීටපෙර කාලවලදී ජාතික ගීයේ දෙමළ පරිවර්තනය පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් කර තිබුණා. බොහෝවිට දෙමළ භාෂාව ප්රමුඛව භාවිත කරන පාසල්වල එම ගීය ගායනා කෙරුණේ දෙමළෙනුයි. තනුවත් සිංහල ගායනයේ තනුවමයි. එහෙත් පසුව මෑත ඉතිහාසයේ එවැනි පළාත්වල ජාතික ගීය දෙමළ ශිෂ්‍යයින්ට වැටහීම අඩු සිංහල භාෂාවෙන් ගායනා කිරීමට කටයුතු කෙරුණා. ඉන් වූයේ ගායනා කරන ළමයින්ට එය නොවැටහීමත්, ඔවුන්ට එහි අර්ථයනියමාකාරයෙන් සංවේදී නොවීමත් සිදු වීමයි.
පසුව එය දෙමළ, සිංහල ජාතීන් දෙකේ දේශපාලඥයන්ගේ ප්‍රශනයක් බවට පත්වුණා. ජාතික ගීය කියන්නේ ජනතාවගේ පොදු අභිලාෂ නිරූපණය කරන සංකේතයක්. තමන්ට හුරු භාෂාවකින් ගායනා කළහොත් ජාතික හැඟීම ජනතාව ඇතුළාන්තයෙන්මඉස්මතු වෙනවා* යැයි සාමිනාදන් විමල් මහතා ප්‍රකාශ කළේය.