දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ මහා විද්‍යාලයේ තිබී සොයාගෙන ඇත.
අද (31දා) උදෑසන පාසල් ආ සිසුවෙකු මෙම ඡන්ද පත්‍රිකාව අහුලා එය ගුරුවරයෙකු මගින් විදුහල්පති හිමියන්ට භාර දී තිබිණි. ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ මේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
මෙම ඡන්ද පත්‍රිකාව ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය සලකුණු කර තිබිණි.