රත්මලාන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙ හා බස්නාහිර පළාත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද (17 දා) දහවල් රත්මලාන ජලාපවාහන මණ්ඩලය ඉදිරිපිටදී තුන්වැනි වරටත් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් උද්ඝෝෂණයට එක්වෙමින් පවසා සිටියේ, මීට පෙරද මෙවැනි උද්ඝෝෂණ දෙකක් සිදුකළ බවත්, ඒත් මෙතෙක් තමන්ට ලැබිය යුතු 2012 වර්ෂයේ 8% ක හිඟවැටුප් මුදල හා 2013 වර්ෂයේ සුළු සේවකයන්ට ලැබිය යුතු ප්රසාද දීමනා ලබානොදුන් බවත්, එය කඩිනමින් ලබා නොදුන්නහොත් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බවත්ය.