ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) බහරේන් රාජ්‍යය බලා පිටත්ව යයි.
බහරේන් රාජ්‍යයේ නිල ආරාධනයක් මත ජනාධිපතිවරයා මේ සංචාරයේ නිරතවන බවත්, එම සංචාරයේදී බහරේන් රාජ්‍යයේ හමාඩ් බින් ඉෂා අල් කලිෆා රජු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන බවත් පැවසෙයි.
ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මේ සංචාරයේ අරමුණ බව කියැවෙයි.
එහිදී ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් දෙරටටම වැදගත් වන ගිවිසුම්වලට අත්සන් තැබීමටද නියමිතව ඇති බවද පැවසෙයි.
මේ සංචාරයේ දී ජනාධිපතිවරයා බහරේන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව හමුවීමටද, ව්‍යාපාරික සමුළුවකට එක්වීමට නියමිතව ඇති බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.