ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ඊයේ (08) පස්වරුවේ ඊශ්‍රායලයේ ජෙරුසලම් පෞරාණික නගරයේ ආගමික සිද්ධස්ථාන නැරඹීමට ගියහ. ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල පූජ්‍යස්ථාන රැසක් මේ ඓතිහාසික පෞරාණික නගරයේ පිහිටා තිබේ.
ලෝක ඉස්ලාමීය ප්‍රජාවේ අතිපූජනීය සිද්ධස්ථානයක් වන ගිරි ශිඛර දේවස්ථානය (Dome of The Rock) නැරඹීමට ගිය ජනාධිපතිතුමා ඉස්ලාමීය ආගමික නායකයන් විසින් පිළිගනු ලැබීය. අනාගත වක්තෘ මහමිමත්තුමාගේ ස්වර්ගාරෝහණය සිදුවූයේ මේ ස්ථානයේදී බව විශ්වාස කෙරේ.
ජනාධිපතිතුමා ‘වැළපෙන පවුර’ නමින් ප්‍රකට කොටෙල් හෙවත් බටහිර ප්‍රාකාරය ද නැරඹීය. කන්දේ දේවාලයේ (Temple Mount) දැනට ඉතිරිව ඇති එකම කොටස වන බටහිර ප්‍රාකාරය යුදෙව් භක්තිකයන්ගේ අතිපූජනීය සිද්ධස්ථානයකි.