රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම වෘත්තිකයින් බිහි කරනා හොඳම පාසලක් ඇති කළ යුතු බවත් ජනප්‍රිය පාසල් ක්‍රමයට තිත තැබිය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
පුද්ගලික අංශයෙන් වෛද්‍ය විද්‍යාල ආරම්භ කළත්, රජයේ විශ්ව විද්‍යාල පිළිබඳ ඇති විශ්වාසය ඇති කර ගැනීමට එම ආයතන සමත් වී නැති අතර පුද්ගලික පාසල් තුළත් දේශීය විෂය ධාරාව ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍යවරයා පැවසූයේ මහා නගර හා බස්නාහිර සංවර්ධන සැලසුමට අනුව බුලත්සිංහල ඈගල් ඔය, සතිපොල සහ ආර්ථික මධ්‍යස්ථානය, බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.