එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිවාරය ඇමතීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉඩලබා නොදිය යුතු බව සඳහන් කරමින් දෙමළ ජාතීවාදී සංවිධානයක් හෙට (24දා) ඉන්දියාවේ චෙන්නායිහි රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව 'ද හින්දු' පුවත් සේවය පවසයි.
ටී.වී.කේ. (Tamizhar Valurimai Kootamaippu) නැමැති සංවිධානය විසින් මෙම රැළිය සංවිධානය කර තිබෙන අතර එහි සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන ටී. වේල්මුරුගන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිළධාරීන්ට ශ්රී ලංකාවට ඇතුළු වීමට රජය අවසර ලබා නොදුන් හෙයින් ජනපතිවරයාටද සමුළුව ඇමතීම සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙසයි.