එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.
නේපාල අගමැති සුසිල් කොයිරාල, කොළොම්බියා ජනාධිපති ජුආන් මැනුවෙන් සැන්ටොස් හා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා සමග ජනපති ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
කොළොම්බියාව හා ශ්‍රී ලංකාව අතර තවදුරටත් සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව කොළොම්බියානු ජනපතිවරයා හා ශ්‍රී ලංකා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවද ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.